Alibaba.com

අලිබාබා නිර්මාතෘ ජැක් මා ගේ ජීවිත කතාව

අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර හෙවත් E-Business පිලිබද ඔබ දැනටමත් දන්නවා ඇති. ඔබත් මේ වන විට මොනයම් හෝ දෙයක් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා ගෙන්වගෙනත් තිබෙනවා. මේ ක්‍රමය භාවිතා කරන්නෙක් නම් ඔබට E-Bay, AliBaba, Amazon වන නාමයන් සුපුරුදු ඇති.

අද අපි කථා කරන්නේ දැවැන්ත AliBaba ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ජැක් මා පිළිබදවයි. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. එමෙන්ම Alibaba ලෝකයේ වටිනාම සමාගම් වලින් එකක් වන අතර පසුගිය වසර තුල සමාගමේ කොටස් වල වටිනාකම දෙගුණයකට ආසන්න විය. ඔහුගේ කථාව සහ ඔහු ආ ගමන් මගෙහි තිබූ දුෂ්කරතා දැනගත්තම ඔබට හිතෙයි පුංචි කඩා වැටීමකදි පවා අත් හරින්න වටින දෙයක් නෙවෙයි ජීවිතේ කියන්නේ කියලා.

චීනයේ Hangzhou නගරයේ අඩු ආදායම්ලාභී පවුලක උපත ලද ජැක් මා දඩබ්බර මෙන්ම දගකාරී චරිතයකි. ජැක් තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුළින් ලෝකය දැකීමට හැකි බව බලවත් ලෙස විශ්වාස කළ බැවිනි. ඔහු සතුව තිබූ යතුරු පැදිය 40km ක් පදිමින් නතර වූයේ චීනයේ Hangzhou හෝටල් අසලය. එහි සිටින සංචාරකයින් ඔහු, නොමිලේ තම රට පෙන්වීමට ගිය අතර එවිට ඔහු මුදල් වෙනුවට ඔවුන්ගෙන් ඉංග්‍රීසි භාශාව ඉගෙන ගනු ලැබුවා. මෙලෙස අවුරුදු 9ක් පමණ ඉංග්‍රීසි භාශාව ඉගෙන ගත් ඔහු බොහෝ සංචාරකයින්ගේ පෑනේ මිතුරන් බවට පත් වුණා.

මේ අතර ප්‍රාථමික පාසලේ දී දෙවරක් අසමත් වූ ජැක් උසස් පාසලේ පරීක්ෂණයෙන්ද තෙවරක් අසමත් වුණා. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් ද දෙවරක් අසමත් වූ ඔහු තම සටන අත් නොහැරූ අසහාය පුද්ගලයෙකි. බොහෝ ක‍ටුක දුෂ්කර උත්සහයකින් අනතුරුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ ජැක් ගෞරව උපාධියක් හිමි කර ගත්තා. පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකු ලෙසද සේවය කරනු ලැබුවා.

පාසලේ දී බොහෝ දුෂ්කරතා වලට මුහුණ දුන් ජැක් KFC ඇතුළු විවිධ ‍රැකියා 30 කින් ප්‍රතික්ෂේප වී ඇත. දෛවයත් එක්ක ජැක් කරට කර තරග කිරීම අත් නොහරින නිසා එතනින් එහාට ඔහුගේ ජීවිතය ලේසි පහසු වුණේ නැහැ. ජැක් මුලින්ම පොලිසියට බැදෙන්න අයදුම් කරනවා. එහිදී ඔහු සමග සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියලු දෙනා සමත් වෙද්දී ජැක් එයින් අසමත් වෙනවා. ඉන් පසු KFC හි කළමණාකාර ධූරයට ඉල්ලුම් කරන ඔහුගේ අයදුම්පත්‍රය ප්‍රතික්ශේප වන අතර ඉතිරි 23 දෙනාගේම අයදුම්පත් ‍තෝරාගන්නවා.

මේ ප්‍රශ්න වලින් ඇති තරම් පදම් වුණු ජැක් එයින් හොද ජීවිත පන්නරයක් ලබා ගත්තා සේම එකම ප්‍රශ්නයට අපි නොසිතන විදිහෙ වෙනස් විසදුම් තියෙන්න පුලුවන් කියන දේ ඔහු අවබෝධ කර ගත්තා. ජැක් මා සිය පළමු පරිගණකය මිලදී ගන්නේ වයස අවුරුදු 33 දී ය. ඔහු ප්‍රථමයෙන් Beer ලෙස Google හි සෙවීම් කල ද එවිට චීන Beer එම සෙවුම් යන්ත්‍ර වල නොමැති බව දැක පුදුමයට පත් වුණා. ඔහු වසර ගණනාවක් තිස්සේ පණ පිටින් තබා ගත් සිහිනය ලැව් ගින්නක් සේ පැතිර යන්න පටන් ගත්තා. පරිගණක දැනුමක් නොතිබූ ජැක් මින් වසර 20 කට පෙර තම කුඩා නිවසේ සිට AliBaba සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිශ්පාදකයින්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අලෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී ගනුදෙණුකරු සහ අලෙවිකරන්නා අතර භෞතික ස්ඵර්ශයක් සිදු නොවන අතර සියලු ගනුදෙණු අන්තර්ජාලය හරහා සිදු වන අතර ඔහුගේ ඉල්ලීම පරිදි මිතුරන් පිරිසක් මෙයට මුදල් යොදවන ලදී.

චීනයේ බොහෝ පුද්ගලයින් ට අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන්න කැමති වුණේ නැත්තේ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් නොමැති නිසා. මේ ගැටළුවට විසදුමක් ලෙස AliBaba නාමය යටතේ AliPay සංකල්පය ඔහු විසින් හදුන්වා දෙනවා. බැංකු අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගණුදෙනු කළ හැකි මෙම ක්‍රමය අද වන විට වැඩිපුර භාවිතා වනවා. 2003දි ජැක් සහ පිරිස Taobao.com නමින් අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කරන අතර මීට සමගාමීව Tmall සහ AliExpress යන අතිරේක සේවාවන්ද අරඹනවා. 

තවත් කෙනෙකු බල ගැන්වීම, තමා බලවත් වීමට ඇති හොඳම මාර්ගය බව ඔහු විශ්වාස කරනවා. ඔහු මෙලෙස පවසා තිබෙනවා “ඔබට දිනන්න අවශ්‍ය නම් ඔබ අනෙක් පුද්ගලයා බලගැන්විය යුතුයි, ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතුයි. ඔබට ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද බොහෝ පිරිසක් ඉන්න බව සිහියේ තබා ගත යුතුයි.”

පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු තම ව්‍යාපාරය වර්ධනය කරගන්නා ලදී.

AliBaba Group

ජැක් මා ගේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 420 ක් වන අතර AliBaba සමාගමේ කොටස් වලින් 9%ක් පමණ ජැක් මා ට හිමිය. චීන ආර්ථිකය තුළ නව වෙළදපොළක් නිර්මාණය කරමින් තීරණාත්මක පුද්ගලයෙකු බවට පත් වූ ජැක් මා ගේ දැක්ම මෙසේ දක්වමු.

“පරාජයන් හා බිඳවැටීම් වලදී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ තුළින් නැඟී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගත යුතුයි. කිසිවෙකු ඔබේ විලාප සහ චෝදනා වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී ඉන්නෙ නැහැ. ඔබ ඔබ තුළම ඇති බලාපොරොත්තු දල්වා ගත යුතුයි. කවදාවත් සටන් අතහරින්න එපා! අද දවස හුඟක් අමාරු වේවි, හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්? කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.”

AliBaba Group-Jack Maa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *