Pirith Preaching

රටට සෙත්පතා අද සිට දින 7ක් සියලුම විහාරස්ථාන වල පිරිත් සජ්ඣායනා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද(01) සිට සතියක කාලයක් බුදුන් වන්ධනා කර පිරිත් දේශනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලුම විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි. ඒ අනුව අදාළ කාල සීමාව තුළ සියලුම විහාරස්ථාන වල ඝන්ඨාර නාද කර ශබ්ද විකාශන යන්ත්‍ර මගින් රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කර ලෝකවාසීන්ට නීරෝගීභාවය ප්‍රාර්ථනා කර සත්‍යක්‍රියා සිදු කල යුතුයි. එකම වේලාවකට ආරම්භ කරන ආශිර්වාද පූජා, එකම වේලාවකට අවසන් කර රාත්‍රී 7.55 පමණ වන විට සත්‍යක්‍රියාව සිදුකළ යුතු බව ද දැනුම් දී තිබේ. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ගිහි ජනතාව, රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *