Covid-19 Outbreak

ඇමෙරිකාව කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට

නව කොරෝනා ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවෙන්, වෛරස ආසාදිතයින් 163,479ක් වාර්තා වී ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් හමු වූ ආසාදිතයින් ගණන 20000 ක ට ආසන්න විය. මේ අතර ගතවූ පැය 24 තුළ තවත් මරණ 719 ක් වාර්තා වීමත් සමග අමෙරිකාවේ සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 3,860 ක් දක්වා ඉහළ ගියේ ය. මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ, දින තුනක් තුළ එරට මරණ ගණන දෙගුණයක් බවට පත්වීමයි. මෙම වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂයත් ලක්ෂ දෙකක් අතර පිරිසක් මිය යා හැකි බව එරට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනී ෆවුසි ප්‍රකාශ කර තිබේ.  එමෙන්ම අන් රටවල ට සාපේක්ෂව ඇමෙරිකාවේ මිලියනයක් පමණ වෛරස ආසාදිතයින් බවට පත් විය හැකි බවද ඔහු සදහන් කර සිටියා. එබැවින් ඉතිරි සති 2ක කාලය ඇමෙරිකානුවන්ට අතිශය වේදනාකාරී කාලයක් විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *