Covid-19 Outbreak

වෛරස ආසාදනයෙන් අවම වීම සදහා ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් ඉදිරිපත් කළ උපදෙස් මාලාව

කොරෝනා වෛරසය මේද තට්‍ටුවකින් ආරක්ෂිත DNA (ප්‍රෝටීන) අණුවකි. එය ඇස්, නාස් හෝ මුඛ ස්‍රාවයන්ට එක්වූ පසු ඔවුන්ගේ ජාන දාම වෙනස් කරමින් ආක්‍රමණකාරී ස්වරූපයකින් ගුණනය වීමට පටන් ගනියි. වෛරසය අජීවි බැවින් විනාශ කිරීමට නොහැකියි. වෛරසය එතුළින්ම විනාශ වේ. මෙම වෛරසය විනාශ වීමේ කාලය එහි උෂ්ණත්වය, ආර්ද්‍රතාවය එය පවතින මතුපිට කුමක්ද යන සාධක මත වෙනස් වේ. Covid-19 වෛරසය පහසුවෙන් විනාශ වන වෛරසයක් බැවින් එහි ආරක්ෂාවට එයට ඇති එකම ආවරණය වන්නේ මතුපිට ඇති තුනී මේද තට්‍ටුවයි. එබැවින් ඕනෑම සබන්, සේදුම් දියර, ඩිටර්ජන්ට් වර්ගයක් මෙම වෛරසය විනාශ කිරීමට හොදම ප්‍රතිකර්මය බව ඔවුන් පෙන්වා දෙයි. සබන් හෝ සේදුම් දියර මගින් හොදින් පෙණ නගමින් තත්පර 20 ක් හෝ ඊට වැඩි කාලයක් අත් සේදීමෙන් පිටත ඇති මේද තට්‍ටුව දිය වීමත් සමග වෛරසයේ ප්‍රෝටීන් අණු විසිරී යමෙන් බිද වැටෙයි.

අධික උෂ්ණත්වයද මෙම වෛරසයේ මේද තට්‍ටුව දිය කර හරී. එබැවින් 25degC ට වැඩි උණුසුම් ජලයෙන් රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය සේදීම සුදුසු වේ.

මධ්‍යසාර හෝ 65% ට වඩා මධ්‍යසාර ඇති ඕනෑම මිශ්‍රණයකින් ඕනෑම මේද වර්ගයක් දිය වෙයි. එලෙස මෙම කොරෝනා වෛරසයේ මේද තට්‍ටුවද දිය වේ.

විරංජනකාරක (Bleaching Agents) එක් කොටසකට ජල කොටස් 5ක් එකතු කළ සාදා ගත් මිශ්‍රණය මගින් ද සෘජුවම ප්‍රෝටීන විනාශ කරන බැවින් වෛරසය එහි ඇතුළතින් විනාශ කරයි.

බැක්ටීරියා නාශක වලින් Covid වෛරසය විනාශ කල නොහැකි බැවින් වෛරස, බැක්ටීරියා වැනි ජීවියෙකු නොවන හෙයින් ද ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැකිය. නමුත් ඉහත දැක් වූ ක්‍රමවේද මගින් වෛරසයේ ව්‍යුහය බිද දැමිය හැකිය.

භාවිතා කරන ලද හෝ නොකරන ලද ඇඳුම් ගසන්න එපා. වෛරසය ඇඳුම් අභ්‍යන්තරයේ පැය 3ක් පමණ වේලාවක් පවතින අතර තඹ සහ ලී මත පැය 4 කුත්, කාඩ්බෝඩ් මත පැය 24 කුත්, යකඩ සහ ප්ලාස්ටික් මත පැය 72 ක කාලයක් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම Covid වෛරස අණු ශීත තත්ත්වයන් තුළ මෙන් ම වාහන හා නිවාස තුළ වායුසමීකරණය කළ කෘතීම ශීත තත්ත්වයන් තුළ ඉතාමත් ස්ථායී වේ. මෙම වෛරසයට ස්ථායී ලෙස ‍රැඳී සිටීමට තෙත් සහිත පරිසරය සහ අඳුර අවශ්‍ය බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. එසේ හෙයින් තෙතමනය රහිත වීම, වියළි බව, උණුසුම හා ආලෝකමත් වටපිටාව තුළ වෛරසය බිඳ වැටෙයී.

අත් සේදීමෙන් අනතුරුව ඔබ අත වේලා තෙතමනය ගෙන දෙන ආලේපනයක් ගැල්වීම සුදුසු වේ. අත්වල කුඩා සීරීම් තිබුනහොත් වෛරස අණු ‍රැ‍ඳෙන බැවින් ගල්වන ආලේපනය ඝන වන තරමට යහපත් වේ.

ඔබගේ නියපොතු ද ඉතාමත් කොටට කපා දෑත් පිරිසිදුව තබා ගන්න. එවිට වෛරස අණු ඒ තුළ නො‍රැ‍ඳෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *