Health & Fitness

බර අඩු කර ගැනීමට ලේසි ක්‍රම කිහිපයක්

ඔබත් බර අඩු කර ගැනීමේ දැවැන්ත මානසික පීඩනයකින් පෙළෙන අයෙක්ද? ජිම් යන්න තියා බොන තේ එකවත් අඩු කරන්න අකමැති අයෙක්ද? බර අඩු කරගන්න හීනය අද කොයි කාගෙත් තියෙන හීනයක්. ටිකක් මහත් වුනොත් ඒ ගැන සිතමින් වද වෙනවා. ඒ වගේම මහත් වෙනවා කියන්නේ ලෙඩ රෝග ‍රැසක් ඇතිවනවා කියන එකයි බහුතර මතය. ටිකක් මහන්සි වෙන්න අකමැති, ටිකක් කම්මැලි අයට කන බොන දේවල් පාලනය කරලා බඩ අඩු කරන හැටි තමයි කියලා දෙන්න යන්නේ.

ඔබට ඇත්තටම බඩගිනිද? නැත්තම් තිබහද? සමහර වෙලාවට අපිට වතුර තිබහක් ආවත් අපිට ඒක දැනෙන්නේ බඩගින්නක් කියලා. තිබහක් නම් තිබහට මොනාහරි කාලා බර වැඩි කරගන්නවට වඩා හොඳයි ඒ වෙලාවට සීතල වතුර වීදුරුවක් බඩ පිරෙන්න බීලා බලන්න. ඊටපස්සෙත් බඩගිනි නම් ඔබට ඇත්තටම තිබෙන්නේ බඩගින්නක්.

Health and Fitness

බර අඩු කරගන්නවා කියන්නේ කෑමවේල් එහෙම්පිටින්ම අත් හරිනවා කියන එක නෙවේ. කාටවත් පුළුවන් ද මිදි ගෙඩි 02 ක් ඔම්ලට් එකක් කාලා ඉන්න. ඒ නිසා හිතුමනාපෙට කෑමවේල් අඩු කරන්න එපා. සාමාන්‍ය විදිහට ආහාර ගන්න. හැබැයි ඉස්මුරුත්තාවට එනකන් නෙවෙයි. ඔබේ ශරීරයට ඇති කියලා දැනුනු විගස නවත්වන්න. ආහාර ටික දිරවගන්න එක ඔබගේ ශරීරය විසින් නියමිත ලෙස කරයි.

Diet Plan

දවස පුරාම ක්‍රියාශීලිව සිටීමට නම් උදෑසන ආහාර අත්‍යවශ්‍යයි. දවසේ පැය ගණනක් රාත්‍රී නින්දේදී ගත කරන ඔබ ශරීරයට ශක්තිය ආපසු ලබා ගන්නනම් උදේ ආහාර අනිවාර්යෙන්ම අවශ්‍යයි. බඩගින්න වදදෙනකම් ඉන්නේ නැතුව නියමිත වෙලාවට උදේ ආහාර ගැනීම වඩාත් සුදුසු වේ.

Diet Plan

හොඳින් ආහාර ගන්න. මෙයින් අදහස් වන්නේ බඩ පැලෙනකන් කන්න කියලා නෙවෙයි. ඔයාගේ ඩයට් එක නියමිත පෝෂණයෙන් තියෙනවද කියලා බලලා ආහාර ගන්න. මේදය අධික, සීනි සහිත, ඇඟට සනීපයක් නොදැනෙන කෑම ආහාරයට ගන්නවට වඩා හොඳ ගුණදායක කඩල, මුං ඇට ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසිය අනර්ඝයි. පළතුරු, එළවළු, ප්‍රෝටීන් ශක්තියක් එක්ක හොඳ කෑම වේලක් ඔබගේ ශරීරයට නියමිත වෙලාවට ලැබෙනවනම් බර අඩු කර ගැනීමට අමුතුවෙන් මහන්සි වීමට අවශ්‍ය නැත.

Healthy Food

Leave a Reply

Your email address will not be published. Required fields are marked *