Tamil Actor Dhanush

කොලිවුඩයේ සුපිරි තරුව ධනුශ්

මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහට ලක් වුන චරිතයක් තමයි “ධනුශ්” කියන්නේ. ඒ නිසාම ධනුශ් ගැන පුංචි විස්තර ටිකක් ගේන්න ඕන කියලා මට හිතුනා. ධනුශ් කියන්නේ අර කළු, කෙට්‍ටු ඇඟක් තියෙන හාදයා තමයි. කියන්නට තරම් ලස්සනක් නැති ඔහුගේ සංසන්දනාත්මකව බලන රූපය වගේ සාධකයකදී “කැත මනුස්සයෙක්” යන නාමයෙන් හඳුන්වන්නට මන් කැමතියි. හිටගත්තම පරඬැලක් වගේ හැබැයි ඒ කැතම තමයි ධනුශ්ගේ ලස්සනම සාධකය වුණෙත්. ඔහු අද දමිල සිනමාවේ එසේ නැතිනම් කොලිවුඩ් හි සුපිරි තරුවක්. ඒ වගේම සම්මානනීය අති විශිෂ්ඨ නලුවෙක්. ජනප්‍රියත්වයට නොදෙවෙනි විශිෂ්ඨත්වයක් පෙන්වන නලුවෙකු බවට සාක්ෂි දරන්නේ ද ඒ සම්මානම තමයි.

ඉන්දියාවේ මුලින්ම You Tube හි මිලියන 100 ක Views ප්‍රමාණය ඉක්මවූ වීඩියෝව නිකුත් වන්නේ ධනුශ් ගෙන්. ඒ තමයි “වයි දිස් කොලවරි ඩි” ගීතය. ලොව පුරා සෑම තැනකම ගත්තොත් එංගලන්තයේ රේඩියෝවේ සිට කො‍ටුවේ බස් ස්ටෑන්ඩ් එක දක්වා මේ ගීතය විකාශය වනවා. මිනිසුන් පිස්සු වැටෙනවා. Viral වෙනවා. එවිට ගීතය ගැනත් මේ ගීතය ගායනා කරන කෙසඟ මිනිසා ගැනත් මිනිසුන් උනන්දු වෙනවා. එමෙන්ම ගිය වසරේ ලෝකයක් හොල්ලපු “Rowdy Baby” ගීතයද ධනුශ්ගේ නිර්මාණයක්.

ධනුශ් ගේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ එයාගේ පියා, කස්තුරි රාජා 2002 අවුරුද්දේ ඉදිරිපත් කරපු “තුලුවදෝ ඉල්ලමයි” චිත්‍රපටිය.මේ වන විට චිත්‍රපටි 25 කට වැඩිය රංගනයෙන් දායක වුණු ධනුශ් 58 වන ජාතික චිත්‍රපට සම්මාන උළලේ දී “ධනුශ් ආඩුකලාම්” (2010) චිත්‍රපටියේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබනවා.

ධනුශ් විවාහ වන්නේ සුපිරි නළු ‍රැජිණිකාන්ත් ගේ දියණිය වන අයිශ්වර්යා සමඟයි. 2006 සහ 2010 වසර වලදී මේ දෙපළට දාව පුතුන් දෙදෙනෙක් ඉපදෙනවා. ක්ෂේත්‍රයට අඩිය තිබ්බ මුල් කාලේ හැමෝම මොහුට හිනා වෙනවා. ඒත්, අද ධනුශ්ගේ නම සිනමා තිරයේ දිස් වනකොට මිනිස්සු ඇති පදමට හුරේ දානවා. ඒ මන්ද, ක්‍රියාවෙන් තමන් නලුවෙක් කියන දේ ඔප්පු කල නිසා. රංගන ශිල්පියෙක් කියන්නේ රංගනය ‍රැකියාව කර ගත් පුද්ගලයාටයි. නමුත් හැමෝම රංගන ශිල්පියෝ නෙවෙයි. රඟපානවා කියන එක දැනෙන්නේ නැත්නම් ඒක තමයි ඇත්තම රඟපෑම. ධනුශ් දන්නවා අපේ හදවතට ආමන්ත්‍රණය කරන්න දෙන්න ඕන real feeling එක. ධනුශ් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක්. වැඩ්ඩෙක් නෙවෙයිනම් තමිල්නාඩුවේ සිනමා රජු තමන්ගේ එකම දියණිය මේ කෙසඟ මිනිසට විවාහ කර දෙයිද? විශිෂ්ඨත්වයට, බාහිර සාධක වලට වඩා තම ඇතුළන්තයෙන් එන දක්ෂතාවය අනිවාර්යෙන්ම බලපාන බව ධනුශ් දිහා බැලුවම අපිට කියන්න පුළුවන්.

Tamil Actor Dhanush

Leave a Reply

Your email address will not be published. Required fields are marked *