Baba Vanga

කොරෝනා වෛරසය ගැන වසර 30 කට පෙර බාබා වැන්ගා පැවසූ අනාවැකිය

කවුද මේ බාබා වැන්ගා කියන්නේ? බල්ගේරියානු සම්භවයක් ඇති අනාගත වතෘවරියක නමින් බාබා වැන්ගා වේ. ඇය 1996දී එනම් 85 වන වියේදී මෙලොවින් සමු ගත්තා. ඇය පිළිබඳව දන්නා බොහෝ දෙනා ඇයව හැඳින්වූයේ බැල්කන් හි නොස්ට්‍රඩාමුස් යන නමිනි. නොස්ට්‍රඩාමුස් යනු 16 වන සියවසේ මැද භාගයේ දී වාසය කළ යුරෝපීය අනාගත වතෘවරයෙක්. ඉතින් බාබා වැන්ගා ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඇය ඉදිරිපත් කළ ඇය ඉදිරිපත් කළ අනාවැකි 85% කින් සැබෑ වූ නිසයි. මේ නිසා ඇය රුසියාව සහ යුරෝපය පුරා අසාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වුණා. ඇය අඩ සියවසක් පුරාවට ඉදිරිපත් කළ අනාවැකි වලින් බොහොමයක් දේශගුණික විපර්යාස පිළිබඳ වීම වඩාත් විශේෂයි.

1950 වර්ෂයට පෙර ඇය විසින් පෘථිවි ධ්‍රැවාසන්න අයිස් තට්‍ටු දිය වීම පිළිබඳවත් සාගර ජල මට්ටම ඉහළ යාම පිළිබඳවත් අනාවැකි පළ කරද්දි එකල වාසය කළ කිසිවෙක් ගෝලීය උණුසුම කියන වචනයවත් දැන සිටියේ නැහැ. සුනාමිය ගැන ඇය මෙලෙස පවසන ලදී. “විශාල වෙරලක්, මිනිසුන්, නගර ,වාහන, ගොඩනැගිලි සහ හැම දෙයක්ම මහා ජල කඳකින් අතුරුදහන් වී යනවා.” ඒ ඇය විසින් කලකට පෙර සිදු කළ ප්‍රකාශයකි. ඉන් පසුව සුනාමිය කියන වචනයවත් හරියට නොදැන සිටිය ලොවකට 2004 වර්ශයේ දී ත් ඉන් පසුවත් ඉන්දියන් සාගරයත් පැසි‍ෆික් සාගරයත් අතර දැවැන්ත සුනාමි තත්ත්වයක් පැමිණ දහස් සංඛ්‍යාත ජීවිත ගණනක් බිලි ගනිමින් ගම් නගර පිටින් අතුරුදහන් වුණා. වරක් ඇය විසින් 1994 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පිළිබඳ කළ අනාවැකිය කිසි දිනෙක පාපන්දු ලෝලීන්ට අමතක නොවන්නකි. එදා අවසන් මහා තරඟය සඳහා B අකුරින් නම පටන් ගන්නා රටවල් 2 ක් අවසන් මහා තරඟයට සහභාගී වන අතර එවකට ප්‍රභලම ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වන බවද ඇය සඳහන් කර තිබුණි. ඇය පැවසූ ආකාරයටම ඉතාලිය අවසන් පූර්ව වටයේදි ඉවත් වන අතර බල්ගේරියාව හා බ්‍රසීලය අවසන් තරඟයට තේරී පත් වුණා. එමෙන්ම 2011 දී ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවද ඇය 1989 දී අනාවැකියක් පළ කර තිබුණි. ඇය එය සඳහන් කර තිබුණේ “යෝධ යකඩ කුරුල්ලෙක් ඇමෙරිකාවේ නමගිය නිවුන් සහෝදරයින් දෙදෙනෙකු බිම හෙලනවා” යනුවෙනි. තවද අනාගතයේදී රුසියාවේ බිහිවන ශක්තිමත් නායකයෙකු පිළිබඳවද අනාවැකි පල කර තිබුණි. ඇය එය පවසා ඇත්තේ “රුසියාවට ශක්තිමත් නායකයෙකු බිහි වනවා, ඔහු දිගටම ධූරයේ ‍රැඳී සිටිනවා, යුරෝපයේ බලය හීන වද්දී ලොවට ශක්තිමත් නායකයෙකු වනවා” යන්නයි. ඇය එම අනාවැකිය පවසා ඇත්තේ 1979 වසරේදීය. ඇය පැවසූ පරිදිම 4 වන වතාවටත් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගන්නට පුටින් 2018 වසරේ දී සමත් වුණා.

1990 දශකයේ දී මෙම අනාගත දකින්නිය මුණ ගැසීමට යන නෙෂ්කා ස්ටැෆනෝවා නම් කාන්තාවට කොරෝනා වෛරසය ගැන අනාවැකියක් පවසා තිබෙනවා. ඇය පවසන පරිදි බාබා වැන්ගාගේ මරණයට වසර ගණනකට පෙර ඇය මුණ ගැසුන බවත් එහිදී වැන්ගා විසින් ඇයට “කොරෝනා අපි සියලු දෙනා අභිබවා යනවා” ලෙස පවසා ඇත. එහිදී ඇයට එම වචන වල තේරුම නොතේරුන බවද ඇය සිතුවේ කොරෝනා යනු බල්ගේරියානු භාශාවෙන් භාරකාරිත්වය යන තේරුම නිසාත් එම වකවානුවේ තිබූ තත්ත්වය අනුව රට රුසියානුවන්ගේ භාරකාරිත්වය යටතේ තිබෙන බව ප්‍රකාශ කරන බවයි. නමුත් වර්තමානයේ මාධ්‍යයට කරුණු හෙළි කරන නිෂ්කා නම් 73 හැවිරිදි කාන්තාව පවසන්නේ දැන් තමයි වැටහෙන්නේ ඇය විසින් එදා ප්‍රකාශ කලේ අද වන විට ලොව ගිලගෙන ඇති කොරෝනා වෛරසය පිළිබද බවයි. කරුණු එසේ වුවත් වැන්ගා පවසන්නේ “අප්‍රිකානු මහද්වීපයෙන් ඇරඹි ලොව පුරා ව්‍යාප්ත වන බවයි.” නමුත් සත්‍ය වශයෙන්ම මෙහි ආරම්භය පටන් ගැනුනේ චීනයෙනි. නිෂ්කා නම් කාන්තාව පවසන කරුණු එසේ වුවද සත්‍ය වශයෙන්ම බාබා වැන්ගා විසින් මෙම වසංගතය පිළිබඳ අනාවැකියක් පල කර තිබේ. එනම් “2019 හෝ 2020 වර්ශ වලදී දරුණු උණ වසංගතයක් අප්‍රිකාවෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වන බවත් එයින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය හීන කරන බවත්ය”. එමෙන්ම එම “වසංගතය ලොව පුරා විශාල මිනිස් සංඛ්‍යාවක් ගිල ගන්නා බව”ද ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *