Covid-19 Sri Lanka

කොරෝනා වැළඳී සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා(සංචාරක මඟපෙන්වන්නා) මෙතෙක් නොකී කතාව

නව කොරෝනා වෛරසයට් ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සංචාරක මඟපෙන්නවන්නෙකු පසුගිය දිනවලදී වාර්තා වුණා. ඔහු සම්පූර්ණ සුවය ලබා ඉකුත් දින වලදී තම නිවසට ගියා. ඔහු නමින් ජයන්ත රණසිංහ නම් වේ. ඔහු මෙතෙක් නොකී කතාවක් බීබීසී සිංහල සේවයට මෙසේ හෙළි කර තිබුණි. “මාර්තු 9 වැනිදා හවස තමයි මට වෛරසය ආසාදනය වෙලා කියලා තහවුරු වුණේ. එදා රෑ 11 ට, 12 ට විතර මාව උඩ තට්‍ටුවට අරන් ගියා. මට මරණ බියක් දැනුනා. රෝහල් කාර්ය මණ්ඩලය බයවෙන්න එපා කියලා මගේ හිත හැදුවා, මාව සැනසුවා.”

සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස සේවය කරන මොහු වැඩිවශයෙන් ඉතාලි ජාතිකයින් සමඟ කටයුතු කරන පුද්ගලයෙකි. එමෙන්ම කලක් ඉතාලියේ වාසය කර තිබේ. ඉතාලියේ සිට පැමිණි සංචාරකයින් 4 දෙනෙකු සමඟ මාර්තු 3 වෙනිදා දඹුල්ල සංචාරයේ ගොස් තිබුණු අතර එහිදී රෝගී වීමත් සමඟ ප්‍රතිකාර ගැනීමට් වෛද්‍යවරයෙකු හමුවට ගොස් තිබේ. මාර්තු 5 වෙනිදා නුවර සංචාරයට පැමිනි අවස්ථාවේදී ඔහුට තරමක් අසාධ්‍ය වීම නිසා නැවත ප්‍රතිකාර ගෙන නිවසට පැමිණ තිබුණේ මාර්තු 8 වෙනිදාය. “මම ගෙදර ඇවිත් අපි නිතර බෙහෙත් ගන්න මත්තෙගොඩ ඩොක්ටර් ළඟට ගියා. එහිදී ඒ ඩොක්ටර් රෝග ලක්ෂණ බලලා කෙලින්ම කිව්වා IDH යන්න කියලා.”

IDH රෝහලට ඇතුළත් වීමෙන් පසුව ඔහුට Covid-19 වැළඳී ඇති බවට තහවුරු වුණා. එම රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට එකිනෙකට වෙන් වූ කාමර ඇති අතර ඒවාටම සම්බන්ධ ඉතාමත් පිරිසිදු වැසිකිළි පහසුකම් ඇති බවද ඔහු පවසා සිටියා.” රෝහලේ කාර්යමණ්ඩලය ලබා දුන් සේවාව, කරුණාව පෞද්ගලික රෝහලකින් ලැබෙන්නේ නැති සුපිරි සැළකිල්ලක්. දවසට දෙපාරක් මම හිටපු කාමරය විශබීජහරණය කරනවා, කෑම අතුරුපස හොඳටම ලැබුණා. මට කන්න බැරිවුණු වෙලාවට විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්තයා ගෙදරින් කැඳ හදන් ඇවිත් මට දුන්නා.”

මේ අතර සංවාදයට එක්වූ ජයන්ත මහතා සමාජයෙන් ඉල්ලීමක් කර සිටියේය. “මගේ ජීවිතය බේරගන්න රජය ලක්ෂ ගානක් වියදම් කලා. ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න පමා වුණොත් රජයට ලක්ෂ ගානක් වියදම් කරන්න වෙනවා වගේම ඔබේ ජීවිතයද අනතුරේ වැටෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන ඇත්තටම කියන්න වචන නැහැ. ඒ තරම් විශිෂඨයි. ලෙඩා හඳුනා ගන්නකොට සේරම සම්බන්ධීකරණය වෙලා විශේෂයෙන්ම අපේ ආරක්ශාව ගැනත් කටයුතු කළා.”

මූලාශ්‍රය : BBC සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *