Healthy Life

දිනපතා කන් පිරිසිදු කළ කාන්තාවකගේ හිස්කබල කන බැක්ටීරියාවක් ආසාදනය වෙයි

දූවිලි වලින් පිරි පරිසරයක් ජීවත් වන අපගේ සම පමණක් නොවේ කන් කුහරයද අපද්‍රව්‍ය වලින් පිරී යයි. ස්නානය කළ ද ඉන් කන් කුහරය පිරිසිදු වන්නේ නැති නිසා Cotton Bud එකකින් කන් පිරිසිදු කර ගැනීමට අප පුරුදු වී සිටියි. එහෙත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කතාවකට අනුව එය ද සුදුසු නැති බව අපට හැඟී යයි. අපගේ කන් පිරිසිදු කර ගැනීමට කසන ස්වභාවයක් පැමිණ එයින් අපව පොළඹවාලයි. එයට හේතුව වන්නේ කනේ ඇති ඉටි වැනි කළාඳුරු වැනි ද්‍රව්‍යයි.

Anatomy of the Ear

කන තුළ කළාඳුරු නිපදවීම සාමාන්‍ය දෙයක් නමුත් කන් කළාඳුරු නොතිබුණේ නම් ඇත්ත වශයෙන්ම වියළි බව නිසා කන් කැසීම ඇති විය හැකිය. එම කළාඳුරු වලට බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් ද ඇත. එනම් කන් කළාඳුරු වලින් ද අපගේ කන් ස්වයං පිරිසිදු කිරීමකට ලක් වේ. අපිරිසිදු ද්‍රව්‍ය, කුඩා සතුන් හා දූවිලි වැනි අහිතකර ද්‍රව්‍ය කන් ගැඹුරට යා නොදී රඳවා ගන්නා පෙරණයක් ලෙස කළාඳුරු ක්‍රියා කරයි. අනවශ්‍ය ලෙස කන් කළාඳුරු එක් ‍රැස් වීමෙන් කර්ණ නාලය අවහිර වනවා සේම එවිට කන් කැක්කුම, කනෙහි පිරුණු බවක් දැනීම,කනෙහි “කීං” යන ශබ්දය ඇසීම, ඇසෙන ප්‍රමාණය අඩු වීම, කන් කැසීම, දුර්ගන්ධය හැමීම, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇති වේ. අධික කළාඳුරු එක් ‍රැස් වීම නිසා කර්ණ නාලයට හා කන් බෙරයට හානි වේ. එසේම කන් ඇසීම අඩුවීම ද කනේ කළාඳුරු එක් ‍රැස් වීම නිසා සිදුවිය නොහැකි තත්ත්වයක් බවද සිහි තබා ගත යුතුය.

ඕස්ට්‍රේලියානු 37 වියැති කාන්තාවක් දිනපතා රාත්‍රියේදී තම කන් පිරිසිදු කරන්නට පුරුදු වී සිටියා. ඇය ඒ සඳහා භාවිතා කළේ වෙළඳපොළේ මිලදී ගැනීමට ඇති කූරක් දෙපස පුළුන් ‍රැඳවූ Cotton Swabs ය. කල් ගතවද්දී ඇගේ වම් කන නො ඇසෙන්නා මෙන් දැනෙන්නට ගද්දී සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නට විය. එවිට කනේ ආසාදනයක් යැයි පවසා ප්‍රතිජීවක ඖෂධ ඇයට ලබා දී තිබුනි. නමුත් දිගටම කන් නො ඇසීම පැවතුණු අතර සුපුරුදු පරිදි කන් පිරිසිදු කරද්දී ලේ ඒන්නට පටන් ගන්නට විය. පසුව ඇය ඇස, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඇගේ අර්ධ බිහිරි බව පවසා ප්‍රතිකාර ගද්දී CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණි. එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ගත්තේ ඇගේ කන පසුපස ඇති හිස්කබල අස්ථින් බැක්ටීරියාවන් විසින් කා දමන බවයි. ඇයව කඩිනමින් ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර මෙය වසර 5ක් පමණ සිදුවී ඇති නිසා ඇයගේ අස්ථි කඩදාසියක් තරම් තුනී වන තුරු ජීර්ණය වී තිබුණි. වෛද්‍යවරුන් පැය 5 ක පමණ ශල්‍යකර්මයකින් ඇගේ කර්ණ නාලය ප්‍රතිස්ථාපනය කිරීම හා ආසාදිත පටක ඉවත් කිරීම සිදු කරන්නට විය. අවසානයේ වෛද්‍යවරුන් පවසා සිටියේ ඇය කන් පිරිසිදු කිරීමට භාවිතා කල Cotton Swabs හි පුළුන් කෙඳිති ඇගේ කන තුළ ‍රැඳී ඒවා ආසාදනය වී ඇති බවයි.

ආරක්ශිතව කන පිරිසිදු කර ගැනීමට වෛද්‍යවරුන් විසින් පහත ක්‍රම පෙන්වා දී ඇත.
01. තම සුළැඟිල්ලෙහි ටිෂූ කඩදාසියක් ඔතා පිටතට එන කළාඳුරු ඉවත් කර ගැනීම.
02. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ ඔලිව් තෙල් බිංදුවක් කනට දමා මද වේලාවක් තිබෙන්නට හැර ඉවත් කර ගැනීම.

මූලාශ්‍ර : webmd.com, roarmedia.com, american-hearing.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *