worst plagues in the world

ලොව දරුණුතම වසංගත දහය

කොළරා වසංගතය (19 වන ශතවර්ෂය)

ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම රෝගය ආසියාවත් ඉන් අනතුරුව උතුරු ඇමෙරිකාව, යුරෝපය හා අප්‍රිකානු මහද්වීපය දක්වා පැතිරී යන්නට විය. මිලියන 10 කට අධික පිරිසක් මිය ගිය මෙම වසංගතය නිසාවෙන් රුසියාවේ පමණක් මිලියනයකට අධික පිරිසක් මිය යන්නට වුණා. මෙම කොලරා වසංගතය පැතිරුනේ අපිරිසිදු ජලය පානයෙන් බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වන ජෝන් ස්නෝ විසින් සොයා ගත් අතර මෙම වසංගතයේ රෝග ලක්ෂණ වූයේ පාචනය, වමනය හා ඉන් ඇති වූ විජලන තත්ත්වයයි.

Cholera Virus

ආසියානු උණ වසංගතය (1956-1958)

මෙම වසංගතය ආරම්භ වූයේ චීනයෙනි. තාරාවන් නිසා හටගත්තා යැයි සැළකුණු මෙම වසංගතය නිසා ලොව පුරා මිලියනයකට අධික පිරිසක් මිය යන්නට වුණා.

Asian fever epidemic

කොකොලිස්ට්ලි වසංගතය (1545-1548), (1576-1578)

මෙක්සිකෝවෙන් ආරම්භ වූ මෙම වෛරසයේ හේතුව අදටද රහසක්. වර්තමානයේ වෛද්‍යවරුන් අනුමානය කර්න්නේ මෙය සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ඇති වන්නට ඇති බවයි. මෙහි මූලික් රෝග ලක්ෂණ වනුයේ නහයෙන් හා කනින් ලේ ගැලීම හා රක්තපාත උණ තත්ත්වයයි. මෙම වසංගතය හේතුවෙන් නව ස්පාඤ්ඤයේ ජනගහනයෙන් 45%ක් මිය ගිය බව ද සඳහන් වනවා.

The chocolistically epidemic

ටයිෆස් වසංගතය (1918-1922)

මෙම වසංගතය පැතිරුණේ පළමු ලෝක යුද්ධ සමයේදීයි. බැක්ටීරියාවක් නිසා හටගත් මේ වසංගතය නිසා මිලියන 30 කට අධික පිරිසක් ගොදුරු වුණා. මිලියන 10 කට අධික රුසියානු හා පෝලන්ත සෙබළුන් මිය යන්නට වුණා. මෙම වසංගත තත්ත්වයේ රෝගී ලක්ෂණ වූයේ අධික ලෙස ඇඟපත රිදීමයි.

The typhus epidemic

ජස්ටීනියානු මහමාරිය වසංගතය (541-542)

මධ්‍යධරණී මුහුදේ ආශ්‍රිත වරායන් අවට වේගයෙන් පැතිරී ගිය මෙම වසංගතය මිනිස් ඉතිහාසයේ දරුණුතම වසංගතය ලෙස සඳහන් කර තිබෙනවා. මීයන් හේතුවෙන් හටගත් මෙම වසංගතය නිසා එවකට ලෝක ජනගහනයෙන් 25% ක් පමණ මිය ගිය බවට ද සාක්ෂි ඇත. එවකට නැගෙනහිර රෝමයේ අධිරාජයා වූ ජස්ටීනියානු අධිරාජයාටද එම වසංගතය සෑදී සුව වී තිබෙනවා. එම නිසා මෙම වසංගතය ඔහුගේ නමින් නම් කර ඇත.

Justinian plague epidemic

ඇන්ටොනික් මහමාරිය වසංගතය (165-180)

සරම්ප හෝ පැපොල යන රෝග ලක්ෂණ වලින් හෙබි මෙම රෝගය නිසා දිනකට 200 ක් පමණ මිය ගොස් තිබෙනවා.  රෝම අධිරාජයන් දෙදෙනෙකු වූ ලූකියස් වේරස් හා මාර්කස් ඇන්තෝනියස්ගේ මරණය සිදු වූ නිසා මෙම වසංගතය රෝම ඉතිහාසය වෙනස් කරනු ලැබුවා.

Antonioma plague

තෙවන මහාමාරිය වසංගතය (1855-1909)

චීනයේ යුන්නාන් ප්‍රාන්තයෙන් ඇරඹි මෙම වසංගතය ඉන්දියානු මහද්වීපය පුරා පැතිර යන්නට වුණා. ඉන්දියාවේ හා චීනයේ පමණක් මිලියන 12 කට අධික ජනතාවක් මිය ගිය බවද සඳහන් වනවා. එමෙන්ම නැව් මඟින් මෙම වසංගතය ලොව පුරා පැතිරී ගිය අතර සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය මුළුමනින්ම වසා දැමීමට පවා සිදු වී තිබෙනවා. මේ කාලයේදී විද්‍යාඥයින් විසින් මහාමාරිය සඳහා ඖෂධ සොයා ගනු ලැබුවා.

The third plague epidemic

ස්පාඤ්ඤ උණ වසංගතය (1918-1920)

ස්පාඤ්ඤයෙන් ආරම්භ වූ මෙම උණ වසංගතය ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය හරහා පැතිර ගියත් යුධ පුවත් වාරණය හේතුවෙන් එම රටවල් වල කිසිදු හානියක් වාර්තා වුණේ නැහැ. මිලියන 500 කට පමණ මෙම රෝගය වැළඳුණු බවත් මිලියන 50 ක් පමණ මියගිය බවත් සඳහන් වනවා. මෙම රෝගය H1N1 ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකි.

The Spanish flu epidemic

ඒඩ්ස් හෙවත් HIV (1981 සිට වර්තමානය)

මෙම රෝගයෙන් මිලියන 39 ක් පමණ මියගොස් ඇති අතර අප්‍රිකාවේ තවමත් HIV යනු වසංගත තත්ත්වයකි. 1981 දී පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.

HIV / AIDS

බියුබොනික් වසංගතය හෙවත් කළු මරණය (1346-1353)

කළු මීයන් නිසා හටගත් මෙම වසංගතය හේතුවෙන් යුරෝපයේ ජනගහනයෙන් මිලියන 200 ක් මිය ගොස් තිබෙනවා. මෙම වසංගතයේ ආරම්භය චීනයෙන් සනි‍ටුහන් වන අතර පසුව යුරෝපයට ද සංක්‍රමණය වී තිබෙනවා.

The Black Death Plague

මූලාශ්‍ර : listverse.com, livescience.com, roar.media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *